brand logo
logo
 ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්

13 June 2026


ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත්විය. 


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 245කි. 


එහිදී හසන් ඉශකිල් ලකුණු 46ක් සහ බහිර් ෂාහ් ලකුණු 44ක් ලබාගත්තහ. 


පන්දුයැවීමේදී චාමික ගුණසේකර කඩුලු 03ක් දවාගත්තේය. 


ජයග්‍රහණය සඳහා ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 41ක් තුළ ලකුණු 231ක ඉලක්කයක් හිමි විය. 


ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කයක් පන්දුවාර 28.1ක් තුළ එක් කඩුලු 02ක් පමණක් දැවී පසුකළහ. 


එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 108ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 60ක් ලබාගත්තහ. 


මෙම තරගය පැවැත්වුණේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. 


 

More News..