brand logo
logo
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

20 September 2026


ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව්, වවුනියා, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.


අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.


මෙම නිවේදනය අද (20) පස්වරු 11.30 දක්වා වලංගු වෙයි.

 

More News..