දකුණු ආසියාවේ වැඩිහිටියන් වැඩිවන රට ලංකාව
22 July 2026 | වරුණි පෙරමුණ
දකුණු ආසියාවේ වැඩිහිටියන් වැඩිවන රට ලංකාව
22 July 2026 | වරුණි පෙරමුණ
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.
ඒ අනුව වයස්ගතවීමේ සන්ධිස්ථානය වන වයස අවුරුදු හැටට (60) වැඩි පුද්ගලයන් සියයට දහඅටක් (18%) ක් සිටින බව ජන හා නිවාස සංගණන වාර්තාව පෙන්වා දෙයි. එනම් සමස්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් පහෙන් එකක් වැඩිහිටි පුරවැසි කාණ්ඩයට අයත් වේ.
වයස්ගතවීම දිස්ත්‍රික්ක මට්ටමින් කාණ්ඩගත කිරීම්වලට අනුව ඉදිරියෙන් සිටින්නේ කොළඹ, කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක යි. මෙම වේගවත් ජන විකාශන වෙනස හේතුවෙන් රාජ්‍ය පද්ධති නව අභියෝගවලට මුහුණදී ඇති බවත් සෞඛ්‍ය සේවා සහ යටිතල පහසුකම් සැලසුම් ක්ෂේත්‍රවල කඩිනම් පරිවර්තනයන් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බවත් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කරයි.
එසේම දිවයින පුරා වැඩිහිටි පුද්ගලයන් තුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය විසිනවයක් (370,229) තනිවම ජීවත්වන බවටද හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් හදිසි රෝගි තත්ත්වයන්, දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීම සහ හදිසි අවස්ථාවලදි උපකාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට අවදානම් තත්ත්වයකට මුහුණ දීමටද සිදුව තිබේ.
ප්‍රතිස්ථාපන මට්ටමට වඩා අඩු උපත් අනුපාත දිගුකාලීනව පැවැතීම සහ වැඩිවන ආයු අපේක්ෂාව හේතුවෙන් ජන විකාශන රටාව සැලකිය යුතු ලෙස මෙසේ වෙනස්වී ඇත.
දශක හතරකට පෙර මෙරට තරුණ ජනගහනයන් සහිත රටක් වන අතර එවක මුළු ජනගහනයෙන් අවුරුදු 60ට සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පුද්ගලයන් සිට ඇත්තේ 6.6% කි.

