brand logo
logo
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් දිවයිනට රැගෙන එයි

25 August 2026


ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' දිවයිනට රැගෙනවිත් තිබේ.


අද (25) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේය.


පසුගියදා ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබේ.


කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.


දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. 

 

More News..