brand logo
logo
හිමිනමක් ලෙස පෙනී සිටි චීවරධාරියකු අල්ලා ගැනීමට මහජන සහාය ඉල්ලයි

හිමිනමක් ලෙස පෙනී සිටි චීවරධාරියකු අල්ලා ගැනීමට මහජන සහාය ඉල්ලයි

01 November 2026


නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්‍රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.


පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලිවලට අනුව, මෙම පුද්ගලයා මෙලෙස මහජනතාවගෙන් පරිත්‍යාග ලෙස එකතු කරනු ලබන භාණ්ඩ සහ ද්‍රව්‍ය සවස් කාලයේදී විවිධ ස්ථානවල අලෙවි කර මුදල් උපයාගෙන ඇති බව අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන කොස්ගම පොලීසිය, මෙම චීවරධාරියාගේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ඔහු සැරිසරන ස්ථාන පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

More News..