කොළඹ වරාය නගරයේ කුළුණු දෙකක් හදන්න අනුමැතිය
05 May 2026
කොළඹ වරාය නගරයේ කුළුණු දෙකක් හදන්න අනුමැතිය
05 May 2026
කොළඹ වරාය නගරය තුළ අති සුඛෝපභෝගී නේවාසික කුළුනක් සහ පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවුන් නේවාසික කුළුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගම් විසින් මෙම කුළුණු දෙක ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 127.6ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 150.0ක් ආයෝජනය කිරීමට නියමිතයි.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් රැකියා අවස්ථා 1,170ක් පමණ අලුතින් නිර්මාණය වනු ඇත.
ඒ අනුව ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන පරිදි ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයන් ලෙස නම් කිරීමටත්, එකී ව්‍යාපාර සඳහා පනතේ යෝජිත නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

