Best News Website award
brand logo
logo
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට විරෝධතාවක

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට විරෝධතාවක

22 November 2026


2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබේ.


මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රජයේ වෘත්තීය සමිති මේ වන විටත් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා වේ.


ඒ අනුව, හෙට (23) දිනයේදී දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර ඇත.


මේ අතර, ගුරු හා විදුහල්පතිවරුන් ද හෙට (23) සිට අයවැයට එරෙහිව විරෝධතාවල නිරත වීමට තීරණය කර තිබේ.


ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා සඳහන් කළේ හෙට දිනයේදී සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ජාතික කළු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.


එමෙන්ම, ආණ්ඩුවේ ප්‍රතිචාරය අනුව ඉදිරි සතියේදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඔහු සඳහන් කළේය.


ගුරු හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, නොවැම්බර් 30 වැනිදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බව ද අමිල සඳරුවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

More News..