brand logo
logo
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

13 October 2026



පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.


ඒ අනුව, කුසල් මෙන්ඩිස් නව නායකයා ලෙස පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.


මෙම සංචිතයට නවක ක්‍රීඩක අංජල බණ්ඩාර ද ඇතුළත් කර ඇති අතර පැතුම් නිස්සංකගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇති බව ද සඳහන් වේ.


මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා සිට 21 වැනිදා දක්වා රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා සංචිතය -


1. පැතුම් නිස්සංක

2. පසිඳු සූරියබණ්ඩාර

3. දිනේෂ් චන්දිමාල්

4. කමිඳු මෙන්ඩිස්

5. සොනාල් දිනූෂ

6. කුසල් මෙන්ඩිස් (නායක)

7. ධනංජය ද සිල්වා

8. අංජල බණ්ඩාර

9. කේෂර නුවන්ත

10. ප්‍රභාත් ජයසූරිය

11. මිලාන් රත්නායක

12. ලහිරු කුමාර

13. අසිත ප්‍රනාන්දු

14. දිල්ෂාන් මධුශංක

15. එෂාන් මාලිංග

 

More News..