මොන හේතුව නිසාවත් රංගනය අත්හරින්න බැහැ - දසුනි සෙනෙත්මා
13 November 2026 | අරුණි ජයසේකර
මොන හේතුව නිසාවත් රංගනය අත්හරින්න බැහැ - දසුනි සෙනෙත්මා
13 November 2026 | අරුණි ජයසේකර
පුංචි තිරයට පැයූ පුන් සඳක් මෙන් දසුනි සෙනෙත්මා මේ දිනවල රිදී තිරයට පායලා. මාංචන පීරිස් අධ්‍යක්ෂණය කරන අග්නිජය සිනමා නිර්මාණයෙන් මේ දිනවල දසුනිට බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගෙන අවසන්. නර්තන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස අනාගත කලා කෙතට නැතුවම බැරි දසුනි සෙනෙත්මාව අද පිනිපලස කතාබහට එක්වන්නේ හදපිරි ළෙන්ගතු බවකින්. නර්තන ශිල්පිනියක් ලෙස ඇයට වාසනාවේ දොර හැරුණු තැනින් කතාව ආරම්භ කළා.
‘‘ඒක නම් හරිම සතුටු කාරණයක්. මොකද නර්තනය කියන්නේ මම කැමැතිම දෙයක්නේ. ඩාන්සින් ස්ටාර් කිරුළ නිසා ලංකාවේ දැවැන්ත අධ්යක්ෂවරයෙක් යටතේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ නර්තනය නිසා තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා රංගනය වගේම නර්තනයටත් මම හුඟක් ආදරෙයි.’’
දසුනි ඒ සුවිශේෂී කතාව පසුව කියන්න තීරණය කරමින් මේ දිනවල තිරගත වන අග්නිජය චිත්‍රපටයේ ඇගේ චරිතය ගැන හඬ අවදි කළා. විශේෂයෙන්ම සිනමා තිරය මත රිසාට හිමිවන තැන ගැන ඇයට ඇත්තේ මෙවන් අදහසක්.
‘‘මට කරන්න ලැබුණ අනෙක් චරිතවලට වඩා මේක ටිකක් වෙනස්. තමන්ගේ පවුලේ තිබෙන ප්‍රශ්න නිසා එක්තරා කල්ලියකට එකතු වෙනවා. ඒ කල්ලියත් එක්ක වැඩ කරලා ඇති වුණාම ඒකෙන් ගැලවිලා නිදහස් වෙන්න හදනවා. ඒත් ඒ අවස්ථාවේදී නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම සිද්ධිය මුල්කර ගෙන මේ කතාවේ මගේ චරිතය ඉදිරියට ගොඩ නැගෙනවා. නීති විරෝධී දේකට සම්බන්ධ වුණොත් ගැලවීමක් නැති බව තමා රිසාගේ චරිතයෙන් කියන්නේ.’’
අග්නිජය සිනමාපටය සමග සම්බන්ධ වීමට ලැබීමේ සතුට ගැන ඇය මෙසේ පවසනවා.
‘‘අග්නිජය සිනමාපටයට මට ආරාධනා කරන්නේ ඩොනල්ඩ් මහත්තයා සහ මංචන පීරිස් අයියා. මේ චිත්‍රපටයේ දී සනත් ගුණතිලක, බිමල් ජයකොඩි වගේ ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ශනුද්‍රි ප්‍රියසාද් අක්කා සහ මංචන පීරිස් අයියා එක්ක පළමු වතාවට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ශනූ අක්කා එක්ක එකට තිරය බෙදා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ගැන නම් ගොඩාක් දුකයි. ඒ වුණාට එයත් එක්ක ළගින් ඇසුරු කරන්න අවස්ථාව දර්ශන තලයේදී ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මම ගොඩාක් රඟපෑවේ මංචන අයියා එක්ක. මංචන අයියා රඟපෑමට අලුත් වුණාට ඔහුගේ සහ කණ්ඩායමේ සියලුදෙනාගේ කැපවීම සහ එකමුතු බව නිසා ඔහුට රඟපෑම ඒ තරම් අසීරු වුණේ නැහැ.’’
මෙම සිනමාපටය තුළින් ලබාගත් අද්දැකීම් ගැන පැවසීමටත් ඇය අමතක කළේ නැහැ.
‘‘ජීවත් වෙද්දී විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එවැනි අවස්ථාවලදී එවැනි අභියෝග ජයගන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් කතාකරනවා. එය මගේ සැබෑ ජීවිතයට මේ චිත්‍රපටයෙන් ඉගෙන ගත් ලොකුම පාඩමක් වුණා. ඒ වගේම ප්‍රශ්නයක් ආවම තීරණ ගන්න ඕන කොහොමද කියන එක ගැනත් මම මේ චිත්‍රපටයෙන් ඉගෙනගත්තා. මේ චිත්‍රපටය සමාජයේ ජීවත් වෙන ගැහැනු ළමයින්ට හොඳ පාඩමක් කියාදෙනවා.’’
ප්‍රධාන නළුවා ලෙස ඇය සමග සිනමා තිරය බෙදාගත් මංචන ගැන දසුනිට ලස්සන කතාවක් තිබුණා.
‘‘අධ්යක්ෂවරයා කියන භූමිකාවට වඩා ඔහු අපිත් සමඟ කටයුතු කළේ රංගන ශිල්පියා කියන භූමිකාව එක්ක. ඔහු මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා කියන හැඟීම අපිට දැණුනෙම නැහැ. අපේ චරිතය අපිට අවශ්‍ය ආකාරයට ගොඩනාගා ගන්න නිදහස උපරිමයෙන් දුන්නා. ඔහු කළේ අපේ චරිතය ගැන අපිට පැහැදිලි කරදීම විතරයි. ඒ වගේම අපිත් එක්ක හරිම සහයෝගයෙන් වැඩ කළා. අපිට දැණුනේ මේ කතාවේ ප්‍රධාන රංගන ශිල්පියා අපිට අවවාද ලබා දෙනවා කියලා. ඒ නිසා ඒ චරිතයට නිදහසේ මුහු වෙන්න ඉඩකඩ ලැබුණා.
මේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය පවසනවා.
‘‘මේ චරිතයට තවම ලොකු ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහෑ. ඒකට හේතුව මම මේ චිත්‍රපටයේ රඟපාන චරිතය ගැන තාමත් බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ නිසා ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ආදරයෙන් ආරාධනා කරනවා අග්නිජය නරඹන්න කියලා. මෑත කාලයේ බොලිවුඩ් චිත්‍රපටයක් තරමට හැදුණ ලස්සන චිත්‍රපටයක් ලෙස අග්නිජය හඳුන්වන්න පුළුවන්.’’
කතාව පටන් ගන්නකොටම දසුනි පුංචි කාරණයක් පසුවට තිබ්බා. ඒ තමයි නර්තනය නිසා ඇයට සිංහල සිනමාවේ සිටින දක්ෂතම අධ්යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබුණු අවස්ථාව ගැන. දැන් අපි දසුනිත් එක්ක කතා කරන්නේ ඒ ගැන. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කැලෑහඳ චිත්‍රපටයේ මාලනීගේ චරිතය නිරූපණය කරන්නේ දසුනි සෙනෙත්මා. ඇයට මේ අවස්ථාව උදාවූ රහස හෙළි කළා.
‘‘හිරු මෙගා ස්ථාර් තුළින් තමයි රවි ලියනගේ මහතාගේ බිරිඳ මාව දැකලා තියෙන්නේ. ඔය දවස්වල කැලෑහඳ චිත්‍රපටයට ප්‍රධාන නිිළියක් සොයමින් ඉඳලා තියෙනවා. ඇය තමයිි මුලින්ම සුනිල් ආරියරත්න සර්ට මං ගැන කියලා තියෙන්නේ. ඊට පසුව සුනිල් ආරියරත්න සර් ඇතුළු පිරිස මාව හමුවෙලා ප්‍රශ්න කිපයක් මගෙන් අහලා කැලෑ හඳ චිත්‍රපටයට මාව තෝරාගත්තා. එහි මගේ චරිතය මාලිනී. ඒ චරිතය එදා නිරූපණය කරලා තියෙන්නේ රුක්මණී දේවි මහත්මිය. මේ චිත්‍රපටය රඟපාන්න තෝරාගන්න විට මම කැලෑ හඳ පොත කියවලා තිබුණේ නැහැ. ඒ වගේම අතීතයේ තිබුණ කැලෑ හඳ චිත්‍රපටයත් මේ වෙද්දි විනාශ වෙලා. එහි නැටුම් සහ ගීත පමණයි ඉතිරි වෙලා තිබෙන්නේ. ඒ නිසා පොත සහ සුනිල් සර් චරිතය ගැන කියලා දුන්න දේවල් ඇසුරෙන් මාලිනියගේ චරිතය ගොඩ නැගීමට මට සිදුවුණා.’’
පළමු වතාවට හමුවු අධ්යක්ෂවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන දසුනිට තිබුණේ මෙවන් කතිකාවතකි.
‘‘මගේ ජීවිතේ මට හමුවුණ හොඳම සිනමා අධ්යක්ෂවරයා විදියට සුනිල් සර් හඳුන්වන්න පුළුවන්. මේ ක්ෂේත්රයේ ඉන්න වෙන කිසිම අධ්යක්ෂවරයෙක් සර් සමග සසඳන්න බැහැ. සර් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබීම ගැන හරිම සතුටුයි.’’
යොවුන් වියේ පසුවන ඇය ඇයගේ ආදරය ගැන කියන්නටත් අමතක කළේ නැහැ.
‘‘මේ වන විට මට පෙම්වතෙක් ඉන්නවා. මම මේ දිනවල ආදරය විඳිනවා. එහෙමයි කියලා මම කිසිම දෙයක් පසුපස ඕනෑවට වඩා හඹාගෙන යන්නේ නැහැ. ලැබෙන දෙයින් සතුටු වෙලා එදා දවස සතුටින් ගත කරනවා. ඔහු හරිඳු ගිමල්ක. ඉතාමත් හොඳ ආදරණීය කෙනෙක්. ඒ වගේම අපි පොඩිකාලේ ඉඳලා හොඳටම අඳුරනවා. මේ සම්බන්ධය පටන් ගන්න වෙලාවෙදිම මම ඔහුට කිව්වා රංගනය කියන්නේ මගේ තාත්තගේ හීනය. ඒ හීනය මම මොනම හේතුවක් නිසාවත් නැති කරලා දාන්නේ නැහැ කියලා. එයා මගේ ගමනට උපරිම සහයෝගය ලබා දෙනවා. ඒවගේම එයාගේ පවුලේ අයත් මට ගොඩාක් උදව් කරනවා. මට රඟපෑව ඇති කියලා නවතින දවසක් වෙනකම් රඟපාන එක නවත්වන්න කියන ඉල්ලීම ඔහු කරන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මට ලැබෙන පිටපතට අනුව සාර්ථක ලෙස රංගනයේ යෙදෙමින් මේ ක්ෂේත්රයේ ඉදිරියට යාම එකම බලාපොරොත්තුව’’ බව මේ කතාබහ අවසානයේ ඇය පැවසුවා.


