බද්දේගම වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
28 September 2026
බද්දේගම වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
28 September 2026
බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 සැප්තැම්බර් 27 වනදා සිදුවූ මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (27) පස්වරුවේ බද්දේගම, පෙඩෘවත්තට හැරෙන හන්දිය සහ හල්පාතොට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 170ක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 33ත් අතර වයස්වල පසුවන කහවත්ත, පල්ලේබැද්ද සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

