කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්
14 June 2026
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්
14 June 2026
කෝපායි පොලිස් ස්ථානය සඳහා අලුතින් ඉදිකළ සියලූ පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි.
වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කොට ඉදිකිරීම් අවසන් කළ මෙම නව ගොඩනැගිල්ල, ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ස්ථාපිත කර ඇත.
මෙම අවස්ථාවේදී, පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටා තිබූ භූමියේ භුක්තිය එහි නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නැවත පවරාදීම සංකේතවත් කරමින් අයිතිකරුවන් හත් දෙනෙකු වෙත නිවාස යතුරු ප‍්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, ජනතාව වෙත කාර්යක්ෂම, විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබාදීම ශ‍්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම බවයි.
එසේම සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සියලූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් බවය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහභාගි වූහ.
තවද යාපනය දිස්ත‍්‍රික් ලේකම්, පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.

