දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට
03 August 2026
දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට
03 August 2026
රුපියල් තිස් ලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයේ නිෂ්පාදිත අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත්කිරීමේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීනයේ ෂී - ජියෑන් ප්‍රාන්තයේ පදිංචි 44 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.
ඇය මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 20,400ක් අඩංගු දුම්වැටි කාටූන් 102ක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මෙම චීන ජාතික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සදහා අද (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

