Best News Website award
brand logo
logo
තිරිගුපිටි මිල තවත් ඉහළ යාමේ ලකුණු

තිරිගුපිටි මිල තවත් ඉහළ යාමේ ලකුණු

29 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


තිරිගු පිටි කිලෝවක මිල ඉහළ දැමිමත් සමග දිවයින පුරා තිරිගු පිටි අලෙවිය පහළ බැස ඇති බව තිරිගු පිටි සමාගම් පවසයි.


තිරිගු පිටි කිලෝවක් රු.220න් ඉහළ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, එම මිලට පහළින් දේශීය වෙළදපොලේ සහල් කිලෝවක් මිලදී ගැනීමට ඇති හැකියාව හමුවේ තිරිගු පිටි සදහා පාරිභොගිකයන්ගෙන් පැවති ඉල්ලුම පහළ ගොස් ඇති බවයි එම සමාගමේ නිළධාරියෙකු කියා සිටියේ.


තිරිගු පිටි මිල ඉහළ යෑම නිසා බේකරි නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවිය පහළ වැටී ඇති බවට ප්‍රාදේශිය අලෙවි කළමණාකරුවන් හරහා තම සමාගම වෙත දැනුම් දී ඇති බවද එම නිළධාරියා පැවසීය.


පවතින යුද්ධය නිසා නැව් ගාස්තු ඉහළ යෑමත් මෙරට තිරිගු ඇට ලබා ගන්නා කැනඩාව, ඕස්ට්‍රේලියාව, රුසියාව ඇතුලු රටවල් කිහිපයක ඉල්ලුමට සරිලන තිරිගු ඇට තොග ලබා නොදීම හමුවේ මෙසේ තිරිගු පිටි මිල වැඩි කිරිමට සිදු වූ බවත්, පවත්වා තත්වය මත තිරිගු පිටි මිල ඉදිරියේදි තවත් වැඩි විය හැකි බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

 

More News..