වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 169,000 ඉක්මවයි
19 September 2026
වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 169,000 ඉක්මවයි
19 September 2026
දිවයිනට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට පුද්ගලයින් 169,071ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවුල් 51,959කට අයත් පුද්ගලයින් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවය.
වියළි කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39කට බලපෑම් එල්ල කර ඇති බවත් එහි සඳහන් වේ.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට පුද්ගලයින් 43,378කට අයත් පුද්ගලයින් 142,219 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල කර ඇති අතර ඉන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි.
මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 13,062කට අයත් පුද්ගලයින් 42,565ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට අයත් ජනතාව මෙමගින් බලපෑමට ලක්ව තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පානීය ජලය මේ වන විට බෙදා හරිමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 11,792කට අයත් පුද්ගලයින් 37,512ක් පීඩාවට පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අයත් පවුල් 5,910කට අයත් පුද්ගලයින් 18,273 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හරිමින් පවතී.
තවද මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 11,143කට අයත් පුද්ගලයින් 33,394ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇතැයිද එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අයත් මෙම පුද්ගලයින් සඳහා පානීය ජලය බෙදා හරිමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

