අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
17 October 2026
අයිස් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
17 October 2026
අයිස් හා හෙරොයින් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු මධ්යම පළාත් අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ මධ්යම පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඩුගන්නාව ගල්බිංගේ අසලදී මෙම වැටලීම සිදුකර ඇති බවය.
එම අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 100ක් හා හොරොයින් 10ක් සොයා ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී සැකකරුගේ නිවසේ තිබී තවත් හොරොයින් ග්රෑම් 500ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පන්නල ප්රදේශයේ පදිංචි කරුවෙකු බව ද සඳහන්.

