brand logo
logo
ශ්‍රී ලංකා යෞවනයන්ගේ අවසන් බලාපොරොත්තුව අද

ශ්‍රී ලංකා යෞවනයන්ගේ අවසන් බලාපොරොත්තුව අද

18 August 2026

ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින මූලික වටයේ අවසන් තරගය අද (18 වැනිදා) පස්වරු 1.30ට කටාර් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ජයගැනීම අනිවාර්ය වන්නකි.

මේ වන විට 'සී' කාණ්ඩයේ තමන් තරග වැදුණු තරග 2ම පරාජයට පත්ව සිටින කණ්ඩායම් දෙක වන කටාර් සහ ශ්‍රී ලංකාව කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබා අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා එක්වීමේ අපේක්ෂාවෙන් මෙම තරගය ජයගැනීමේ බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාව තමන් තරග වැදුණු ප්‍රථම තරගය චීනයට හමුවේ ලකුණු 55 - 103ක් ලෙස පරාජයට පත් වූ අතර දෙවැනි තරගයේදී ඉරානය හමුවේ ලකුණු 42 - 110ක් ලෙස පරාජයට පත් විය. කටාර් කණ්ඩායම චීනය හමුවේ ලකුණු 66 - 118ක් ලෙසද, ඉරානයට එරෙහිව ලකුණු 69 - 94ක් ලෙස ද පරාජයට පත්ව සිටියි. මේ අනුව අද පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් තරගාවලිය අවසන් කිරීමේ අවකාශ පවතියි.


කාණ්ඩ හතරේ ප්‍රථම ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 4 ඍජුවම සුදුසුකම් ලබති. යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගෙන කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලදහොත්, 'ඩී' කාණ්ඩයේ 2 වැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම සමග අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ තරග වදිනු ඇත. අද ශ්‍රී ලංකාව තරග වදින තරගයෙන් අනතුරුව පැවැත්වෙන 'ඩී' කාණ්ඩයේ ජපාන සහ කොරියා තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සමග මෙම තරගය අනිද්දා (20 වැනිදා) පැවැත්වීමට නියමිතය.

 

More News..