නේපාලයට බල පෑ හදිසි ජල ගැලීමෙන් මියගිය ගණන තවත් ඉහළට
27 August 2026
නේපාලයට බල පෑ හදිසි ජල ගැලීමෙන් මියගිය ගණන තවත් ඉහළට
27 August 2026
නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය තහවුරු කරයි. මීට පෙර බලධාරීන් විසින් මරණ 359ක් වාර්තා කර තිබූ අතර, සොයාගැනීම් සමඟ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇත.
මේ වනවිට ආපදාවට ලක්වූ ප්‍රදේශවල නිරීක්ෂණ සංචාරයක නිරත වන නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කළේ, විපතට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ ජාතික පොලීසිය නියෝජනය වන පරිදි 13,000කට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි.
එමෙන්ම අද දිනය තුළ පමණක් ගුවන් මඟින් පුද්ගලයින් 573 දෙනෙකු ආරක්ෂිතව මුදාගැනීමට හැකිවූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විපතට පත්වූවන් වෙනුවෙන් තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර ඇති අතර, තුවාල ලැබූ සියලුදෙනාට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

