ලෝක අමද්‍යප දිනය අදයි
03 October 2026
ලෝක අමද්‍යප දිනය අදයි
03 October 2026
අදට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන අතර, එම වාර්ෂික මරණ සංඛ්‍යාව 15,000ත් 20,000ත් අතර අගයක් ගන්නා බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ගෝලීය වශයෙන් ගත් කලද, මද්‍යසාර නිසා වාර්ෂිකව අකාලයේ මියයන සංඛ්‍යාව මිලියන 03කට ආසන්නය.
ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් බහුතරයකට හෙවත් 10න් 8කටම හේතුවී ඇත්තේ බෝ නොවන රෝග (NCDs) ය. එම බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක 4න් එකක් ලෙස මද්‍යසාර භාවිතය හැඳින්විය හැකිය.
1980 - 1990 දශකයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්තර්ජාතික මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන එක්ව, මද්‍යසාර භාවිතය විවිධ රෝගවලට ප්‍රධාන හේතුවක් බව ලෝකයාට පෙන්වා දුන්නේය.
එහි ප්‍රතිඵලයක් ලෙස, 1988 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අප්‍රිකානු සහ ආසියානු රටවල් කිහිපයක් එක්ව "No Alcohol Campaign Week" නමින් විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.
මෙම වැඩසටහනට ජනතාවගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය හේතුවෙන්, එය වසරකට එක් දිනක් ලෙස නම් කිරීමට තීරණය විය.
ඒ අනුව, මමද්‍යසාර ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මද්‍යසාර පානවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින ලෝක අමද්‍යප දිනය ලෙස සමරනු ලබයි.

