brand logo
logo
දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

12 September 2026


දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඒ අනුව උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.


අදාළ නිවේදනය මගින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දිවා කාලවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවය.


ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දැනුම් දී තිබේ.


එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේකීව සිටීම මෙහිදී වැදගත් වන බවය.


තවද නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.


එමෙන්ම උණුසුම් කාලගුණය හමුවේ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මහජනතාව වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.

 

More News..