රයිස්, බුරියානි සහ නාසිගුරන් මිල අද රාත්‍රීයේ සිට ඉහළට
07 May 2026
රයිස්, බුරියානි සහ නාසිගුරන් මිල අද රාත්‍රීයේ සිට ඉහළට
07 May 2026
අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % - 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.
ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ.
මේ අතර කෙටි ආහාර වර්ග රු 5කින් ඉහළ නංවා ඇති අතර, බිත්තර රොටිවල සහ පරාටාවල මිල වැඩිවීමක් නොමැති බවද හර්ෂණ රුක්ෂාන් මහතා අවධාරණය කළේය.

