Best News Website award
brand logo
logo
කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා - ඇමැති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා - ඇමැති ලාල්කාන්ත

27 November 2026 | නිමල් ජයරත්න - මනම්පිටිය / දුලංජලා අබේසිංහ - දෙහිඅත්තකණ්ඩිය

කවුරුන් අකැමැති වුණත් දැනට වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක් වගා කිරීම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.


හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (26 වැනිදා) පොලොන්නරුව හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ පැවැති සුපිරි වී යාය වැඩසටහනට එක්වෙමිනි.


මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


කවුරු අකමැති වුණත් කැමැති වුණත් අපි වගා කරන කුඹුරු සැලකිය යුතු මට්ටමේ ප්‍රමාණයක් වගා කටයුතු කිරීම නතර කරන්න වෙනවාමයි. දැනට වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක්වත් නතර කළේ නැත්නම් ගොවි මහත්තුරුයි, රටේ ආර්ථිකයයි කෘෂිකර්මාන්තයයි බරපතළ අර්බුදයකට යනවා. වී අලෙවි මණ්ඩලය සතුව වී තොග වෙළෙඳපොළට දැම්මොත් වී මිල තවත් වැටෙනවා. හාල් මිලත් වැටෙනවා, හාල් මිලත් ඕනෑවට වඩා වට්ටන්න බෑ. එහෙනම් අපට සහල් පදනම් කරගත්ත වෙනත් උත්තරයක් හොයන්න වෙනවා. එළැඹෙන මාස් කන්නේ අස්වැන්න එන්න කලින් අපට බරපතළ ප්‍රශ්නයක් මතු වෙනවා. ගොවි මහත්තුරු වී වගා කරත් විකුණන්න තැනක් නෑ ලංකාවේ. ඒක තමයි ඇත්ත. දැනටත් අපි ළඟ බඩු තියෙනවා පිරිලා. අපි යන්න ඕන වෙනත් බෝගවලට. ඒ නිසා අපි හම්බන්තොටින් පටන් ගත්තා කුඹුරු අක්කරයකින් අටෙන් එකක් කුරක්කන්වලට යොමු වෙන්න. ඒකට අපි අමතරව රුපියල් දාහදාහකුත් දෙනවා. කුරක්කන් හිටවන්න ඕනි. අලුතින් කුඹුරු අක්කරයක්වත් වැඩි කරන්න ඕනෑ නෑ. එහෙම කිව්වම අපිට බනිනවා. අපිට බැනුම් අහලා පුරුදුයි. අපි මේ වී වගා කරන්නේ කාට කන්න දෙන්නද. ඒ නිසා කුඹුරුවල වී වගාවට අමතරව වෙනත් ස්ථිර භෝග වගා කළ යුතුමයි.


වී වගාව අපේ ආර්ථික භෝගයක් නෙවෙයි කුරක්කං ආර්ථික භෝගයක් කරගන්න පුළුවන්. අපිට අනිවාර්යෙන් අතිරේක බෝග වගාවක් ලෙස පොල්, කුරුඳු, කෙසෙල්, අඹ, බඩ ඉරිඟු, අන්නාසි, වරකා, කොස්, පොලොස් සැලකිය යුතු මට්ටමක් වගා කරන්න වෙනවාමයි, මේවාට වෙළෙඳපොළ ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. අපි රට යවන්න දැනටමත් කටයුතු කරනවා. වීවලට දැන් මිලක් නෑ. මේකේ පෙරළියක් කරන්නම ඕනේ.

 

More News..