brand logo
logo
 ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි

17 July 2026


ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා තිබේ.


ඊයේ (16) ශංහයි හිදී අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව, මෙම සංවිධානය ශංහයි නගරය මූලස්ථානය කරගත් ස්වාධීන අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් වනු ඇත.


චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වන චීන විදේශ අමාත්‍ය වංයී මහතා චීන රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබීය.


කසක්ස්ථානය, ලාඕසය, පාකිස්තානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, ඒ සමඟම එම රටවල් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් බවට පත් විය.


එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබේ.


ගිවිසුමට අනුව, මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සුරක්ෂිත කරන අතර, පොදු ප්‍රතිලාභ වෙනුවෙන් පුළුල් උපදේශන සහ ඒකාබද්ධ දායකත්වයන් ලබා දීම සඳහා කැපවෙමින් ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට අනුගත වනු ඇත.


කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය පාලනය ප්‍රවර්ධනය මෙහි අරමුණ වන අතර, ආරක්ෂිත සහ සාධාරණ බව සහතික කරමින්, සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා කෘත්‍රිම බුද්ධියේ යහපත් සහ ක්‍රමානුකූල සංවර්ධනය ඵලදායී ලෙසින් දියුණු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

 

More News..