Best News Website award
brand logo
logo
ටෙස්ට් තරගාවලියේ ජය පාකිසථානයට

ටෙස්ට් තරගාවලියේ ජය පාකිසථානයට

20 November 2026


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1ට 0ක් ලෙස ජය ගැනීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත් විය.


ඒ, තරගාවලියේ දෙවන තරගය අද කඩුළු 8කින් ජය ගැනීමත් සමගය.


දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 98ක් රැස්කර ගත් අතර, පාකිස්ථාන කණ්ඩායම ලකුණු 325ක් රැස්කර ගැනීමට සමත් විය.


අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට දෙවැනි ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 316ක් පමණීය.


ඒ අනුව පාකිස්ථානයට පිළිතුරු දෙවැනි ඉනිම සදහා රැස්කර ගත යුතුව තිබුනේ ලකුණු 90ක් පමණී.


පාකිස්ථාන කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.


 

More News..