brand logo
logo
 මැතිවරණ කොමිසමේ e-සේවා පුළුල් කරයි

මැතිවරණ කොමිසමේ e-සේවා පුළුල් කරයි

30 March 2026


මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත “මැතිවරණ ඊ-සේවා” ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර තිබේ.


ඒ අනුව, ග්‍රාම නිලධාරි කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ කොමිෂන් සභාව වෙත පැමිණීමකින් තොරව, අන්තර්ජාලය හරහාම අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.


https://eservices.elections.gov.lk හෝ ec.lk/es සබැඳි මඟින් (QR Code එක scan කිරීමෙන්ද) මෙම සේවාවන්ට පිවිසිය හැකි අතර, අන්තර්ජාල සම්බන්ධතාවය ඇති ඕනෑම පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් දවසේ ඕනෑම වේලාවක සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතී.


 

More News..