brand logo
logo
22  සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති කියයි

22 සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති කියයි

06 September 2026

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) බුලත්සිංහල පැවැති ජන හමුවකට එක්වෙමිනි.


මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තාව පළවී තිබේ.

අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

"අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.

මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා.

අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ."

 

More News..