brand logo
logo
 ලබන වසරේ දී බරපතළ ස්වාභාවික ආපදාවක් ඇතිවීමේ ඉඩකඩ 50%ට වැඩියි

ලබන වසරේ දී බරපතළ ස්වාභාවික ආපදාවක් ඇතිවීමේ ඉඩකඩ 50%ට වැඩියි

20 July 2026 | නිලන්ත මදුරාවල


ලබන වසරේ දී මෙරටට බරපතළ ස්වාභාවික ආපදාවක් සිදු වීමේ සියයට පනහකට වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් කාරක සභාවේ දී පසුගිය දා අනාවරණය විය.


එමගින් රාජ්‍ය මූල්‍යයට දැඩි බලපෑමක් සිදු විය හැකි බවට මුදල් අමාත්‍යාංශය පුරෝකථනයක් ද කර තිබේ.


මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ වාර්තාවකට අනුව අදහස් දැක්වූ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ‘‘ ලබන වසරෙදි මහා විශාල ඇබැද්දියක් වෙන්න නියමිත බව හඳුනාගෙන තියෙනවා කියන එකනෙ මේ කියන්නේ. අපි දිට්වාවලින් පාඩම් ඉගෙන ගත්තා. සිදු වීමට නියමිත ආපදාවෙන් රාජ්‍ය මූල්‍යයට දැවැන්ත ඍණාත්මක බලපෑමක් වෙන්න යනවා කියලත් සඳහන් වෙනවා. එහෙම නම් කළ යුත්තේ කුමක් ද කියලා කියන්න‘‘ යනුවෙන් පැවසීය.


එම තත්ත්වයට මුහුණ දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ද මුදල් අමාත්‍යාංශය නිශ්චය කර ඇත. අයවැයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එවන් ආපදා තත්ත්වයකට මුහුණ දී එය අවම කිරීම සඳහා අදාළ ආයතන ශක්තිමත් කිරීම සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම ද ඒ අතර වෙයි.


රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ද කාරක සභාවේ දී අවධානය යොමු කර ඇත.

 

More News..