ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
29 July 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
29 July 2026
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම්දී තිබේ.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (29) පස්වරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් රජීව් අමරසූරිය මහතා පවසා සිටියේ, මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැත්වූ බවය.
එහිදී සිය සංගමයේ ස්ථාවරය වන විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙස ඉල්ලා සිටි බව පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවත් පැවසීය.
ඊට ප්‍රතිචාර ලෙස අධිකරණ අමාත්‍යවරයාට නීතීඥ සංගමයේ නියෝජිතයන්ට දැනුම්දී ඇත්තේ, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත්කර අදාළ තීරණය දැනුම්දීමට කටයුතු කරන බවය.

