Best News Website award
brand logo
logo
 “ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සංශෝධන සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකියි - කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

“ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සංශෝධන සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකියි - කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

12 November 2026


“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා අද (13) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති තීරණය මෙලෙස පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වා සිටියේය.


ඒ අනුව, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වුවද, කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන සිදු කිරීමෙන් එම අනනුකූලතා ඉවත් කරගනිමින් පනත සරල බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමේ හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

 

 

More News..