'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් අද සිට මොන්සා ධාවන පථයේ
04 September 2026
'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් අද සිට මොන්සා ධාවන පථයේ
04 September 2026
මෙවර ෆෝමියුලා 3 තරගාවලියේ ඉතාලියේ මොන්සාහි පැවැත්වෙන 8 වැනි අදියර සඳහා ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් අද (4 වැනිදා) සිට තරග වැදීමට නියමිතය.
කිලෝමීටර 5.793ක දුරකින් යුක්ත මොන්සා ධාවන පථයේ මෙවර තරගාවලිය සඳහා පුහුණුවීම් අද මෙරට වේලාවෙන් 12.05ට ආරම්භ වීමට නියමිත අතර 'ඒ' කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ තරගය අද පස්වරු 5.30ටත්, ඉන් අනතුරුව 'බී' කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ තරගය පස්වරු 5.50ටත් පැවැත්වීමට නියමිතය. මෙම අදියරේ 'ස්ප්‍රින්ට්' තරගය හෙට (5 වැනිදා) පස්වරු 1ට පැවැත්වෙද්දී, 'ෆීචර්' තරගය අනිද්දා (6 වැනිදා) පෙරවරු 11.35ට පැවැත්වේ.
ඒ.අයි.එක්ස් රේසින්ග් කණ්ඩායම යටතේ තරග වදින යෙවාන් මේ වන විට මෙම තරගාවලියේ රියැදුරු ශ්‍රේණිගත කිරීමෙහි 21 වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහු ලකුණු 15ක් රැස්කරගෙන සිටියි.

