මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමක්
18 March 2023
මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමක්
18 March 2023
මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මේ බව දැනුම් දී තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 මාර්තු මස 7 වන දින මැතිවරණ කොමිසම විසින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් 2023 මාර්තු මස 14 වන දින සිට කොටස් වශයෙන් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවය.
එසේ වුවද 2023 පෙබරවාරි 13 වනදා එළඹුණු කැබිනට් තීරණයක් අනුව අවශ්‍ය මුදල් නිකුත් කළ නොහැකි බවත්, මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිතුරු ලිපියක් මඟින් කොමිසමට දැන්වූ බව එම ලිපියෙහි සඳහන් වෙයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව මුදල් සීමා කිරීමට ගත් කැබිනට් තීරණයේ විස්තර සහ ඒ සමගම මුදල් නිකුත් කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවද එහි දැක්වෙයි.
මේ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලිපියෙන් පෙන්වා දී තිබේ.