brand logo
logo
රුපියල් මිලියන 4.5ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි

රුපියල් මිලියන 4.5ක් පමණ වටිනා ගංජා හේනක් වටලයි

12 April 2026

උඩවලව රක්ෂිතය තුළ හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදාව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ගංජ හේනක් වටලා තිබේ. 


ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම ඊයේ (11) සිදුකර ඇත.


එහිදී අඩි 3ක් පමණ උස ගංජා ගස් 155,000ක් පමණ සොයාගත් බව යුද හමුදාව ප්‍රකාශ කරයි. 


ඒවායේ වටිනාකම රුපියල් මිලියන 4.5ක් ලෙසට ගණන් බලා තිබේ. 


අදාළ වැටලිමේදී කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකවේ.

 

More News..