හෙරොයින් සහ අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
11 June 2026
හෙරොයින් සහ අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
11 June 2026
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවය.
ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 80ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 24ක් සමඟ 42 හැවිරිදි වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධවී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට අනාවරණය වන වී ඇති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

