Best News Website award
brand logo
logo
ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවකට ගෙන එන 'GLEC' ඩිජිටල් වේදිකාව එළිදකී

ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවකට ගෙන එන 'GLEC' ඩිජිටල් වේදිකාව එළිදකී

15 November 2026


ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදු කෙරිණි.


ඒ , GLEC සංකල්පයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ ජන මනස තුළට ව්‍යවසායකත්ව සංකල්ප ඇතුළත් කරමින් රටට ධනය නිර්මාණය කිරීම තම අරමුණ වන බවය.


මෙම අවස්ථාව සඳහා ලාංකික ව්‍යවසායකයින් ඇතුළු වෘත්තිකයින් රැසක් එක්ව තිබේ.


එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,


''ව්‍යවසායකත්වය කියන වචනය පවා අපට නුහුරු නුපුරුදු වචනයක්ව පැවති කාලයක, අපගේ අරමුණ සංවිධානය පුරෝගාමීව කටයුතු කරමින් මෙම සංකල්පය සමාජගත කිරීමට දශකයකට ආසන්න කාලයක් විවිධාකාරයෙන් උත්සාහ කළා. අද වන විට දේශපාලනඥයන්, උගතුන්, වෘත්තිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා මෙම වචනය භාවිත කරනවා. එය සතුටට කරුණක්. මෙය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි දෙයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ මෙම වේදිකාවට පැමිණෙන සියලු දෙනාට සමාන අවස්ථාවක් ලබාදීමටයි. ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම, අවස්ථා සහ ඒ වටා පවතින සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීමට අවකාශය සලසා දීම අපගේ අරමුණයි.

අද වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම ව්‍යවසායකයන් මෙම වේදිකාව සමඟ සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු වීම අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ ජන මනස තුළට ව්‍යවසායකත්ව සංකල්පය ඇතුළත් කිරීමයි.''

 

More News..