වැඩි ගාණට කීරි සම්බා විකුණූ වෙළෙඳුන් වටලයි
02 May 2026
වැඩි ගාණට කීරි සම්බා විකුණූ වෙළෙඳුන් වටලයි
02 May 2026
රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ආයතනයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මේ දිනවල දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරනු ලබයි.
ඒ අනුව අද (02) දිනයේ පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කර ඇත.
අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම් හෝ භාණ්ඩ සඟවා තබාගැනීම් වැනි අසාධාරණ ක්‍රියාවන් සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී තිබේ.
ඕනෑම පාරිභෝගිකයෙකුට තම පැමිණිලි කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකි බවද සඳහන්.

