brand logo
logo
 රජය වී මෙට්‍රික් ටොන් 45,362ක් මිලදී අරන්

රජය වී මෙට්‍රික් ටොන් 45,362ක් මිලදී අරන්

25 August 2026


යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 45,362ක් මේ වන විට මිලදී ගෙන ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 23 වැනිදා දක්වා මෙම ප්‍රමාණය වාර්තා වී ඇති බවය.


රජයේ බලාපොරොත්තුව වූයේ වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම සඳහා පමණක් බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා මී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 143ක් විවෘත කළ බවත් සඳහන් කළේය.


නමුත් මෙම ප්‍රමාණය ඉක්මවා අදාළ වී තොග ප්‍රමාණය මේ වන විට මිලදී ගැනීම් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා රජය මිලියන 5,471ක් වැය කර ඇති බවද පැවසුවේය.


මීට අමතරව ඔඩපණ ණය ලෙස රුපියල් බිලියන 10ක් ලබා දී ඇති බවත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 6ක් වෙන් කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා දැනටමත් මේ සඳහා රජය රුපියල් බිලියන 5.47ක් වැය කර ඇති බවද සඳහන් කළේය.


තවද වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රතිපාදන ලබා දී ඇති බවත් ඒ අනුව එක් පුද්ගලයෙකු සඳහා රුපියල් මිලියන 25ක් දක්වා වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.  


 

More News..