ස්කොට්ලන්තයෙන් ඉතාලියට දැවැන්ත ඉලක්කයක්
09 February 2026
ස්කොට්ලන්තයෙන් ඉතාලියට දැවැන්ත ඉලක්කයක්
09 February 2026
2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අද ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.
ඒ, ලකුණු 207කි.
ඉතාලියට එරෙහිව ස්කොට්ලන්තය වෙනුවෙන් ජෝර්ජ් මුන්සේ ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් විය.
ඒ, පන්දු 54ක් තුළදීය.
ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වේ.
ඊට අමතරව බ්‍රැන්ඩන් මැක්මුල්ලන් පන්දු 18කදී ලකුණු 41ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහර 4ක් ද ඇතුළත් වේ.
මෙම තරගය ජය ගැනීම සදහා ඉතාලිය ලකුණු 208ක් රැස්කර ගත යුතු වේ.
තරගය පැවැත්වෙන්නේ කොල්කටා හි ඊඩන්ගාඩන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

