Best News Website award
brand logo
logo
 දකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි

දකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි

29 November 2026


නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බළකාය එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේදී ඊයේ (28) සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සහිත උර 17ක් සොයාගෙන තිබේ.


නාවික හමුදාව සඳහන් කළේ, එම මෙහෙයුමේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ වාහන දෙකක් ද සොයාගත් බවයි.


එමෙන්ම, කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.


නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වෙරළ ආරක්ෂක බළකාය සමඟ එක්ව මිරිස්ස, තල්අරඹ ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.

 

More News..