brand logo
logo
ලක්ෂ 12ක නීතී විරෝධී දුම්වැටි තොගයක් සමග 05ක් අත්අඩංගුවට

ලක්ෂ 12ක නීතී විරෝධී දුම්වැටි තොගයක් සමග 05ක් අත්අඩංගුවට

07 November 2026

නීතී විරෝධී දුම්වැටි තොගයක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් පස් දෙනෙකු පුත්තලම සුරා බදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ, යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකය.


මෙම පිරිස අදාළ දුම්වැටි තොගය නොරොච්චෝලය ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා ගෙනැවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට සඳහන්ය.


එහි වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බව යුද හමුදාව සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම සුරා බදු ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. 

 

More News..