විල්පත්තුව ආසන්නයේදී ගිනිඅවියක් සහ මදු 14ක් වනජීවී භාරයට
21 October 2026 | හේෂාර සේනාල් සෝමරත්න-අනුරාධපුර
විල්පත්තුව ආසන්නයේදී ගිනිඅවියක් සහ මදු 14ක් වනජීවී භාරයට
21 October 2026 | හේෂාර සේනාල් සෝමරත්න-අනුරාධපුර
විල්පත්තුව ජාතික වන උද්යානයට ආසන්න නොච්චියාගම, රනෝරාව ප්රදේශයේ හේනක් තුළ තිබී අඩි 02 අඟල් 08ක් දිග නීතිවිරෝධී බඳින තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම රජයේ ඉඩමක කේබල් මදු ඇටවූ පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගත් අතර මදු 14ක් වනජීවී අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුවන් ඇතුළු නඩුභාණ්ඩ එළඹෙන 29 දින නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතයි.
නීතිවිරෝධී ගිණි අවි භාවිතා කරන්නන්, මදු අටවන්නන්, නීති විරෝධී ගිණි අවි නිෂ්පාදනය කරන්නන් සොයා වනජීවී නිලධාරීන් විසින් අඛණ්ඩව වැටලීම් සිදු කරනු ලබයි.
එමෙන්ම වනසතුන් ඝාතනය කරමින් මස් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔබ දන්නා තොරතුරු 1992 හදිසි දුරකථනයට ලබාදෙන ඉල්ලා සිටී.

