brand logo
logo
කොත්මලේ ගැරඩි ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් රථ වාහන ගමනා ගමනය ඇනහිටියි

කොත්මලේ ගැරඩි ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් රථ වාහන ගමනා ගමනය ඇනහිටියි

26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල


කොත්මලේ ප්‍රදේශයට අද (26) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගැරඩිඇල්ලේ ජලය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගය හරහා ගලා යැම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් ඇනහිට තිබූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් පැවසීය.


අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගය හරහා විශාල ජල ධාරිතාවක් ගලා යෑම හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගත් වාහන තම පොලිසියේ නිළධාරින් ලවා ජලය බැස යන තෙක් නතර කල බවත්, ඒ තුලින් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.


ජලය බැස යෑමෙන් පසු වාහන ගමනා ගමනය සදහා මාර්ගය විවෘත කල බවත්, අධික වැසි පවතින වේලාවන්වල එම මාර්ගයට මෙසේ ජලය ගලා ඒමටත් ප්‍රධාන මාර්ගයට පස්කදු සහ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

More News..