UAE පරදා ශ්රී ලංකාව තියුණු රග්බි ජයක්
17 October 2026
UAE පරදා ශ්රී ලංකාව තියුණු රග්බි ජයක්
17 October 2026
UAE පරදා ශ්රී ලංකාව තියුණු රග්බි ජයක්
ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ (Asia Rugby Emirates Sevens Series) දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත් විය.
ශ්රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය අද සහ හෙට දෙදින කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වෙන තරගාවලිය සඳහා ආසියාවේ ප්රමුඛතම කණ්ඩායම් රැසක් එක්ව සිටිති.
මෙම තරගාවලිය යටතේ ශ්රී ලංකාව අද තවත් තරග තුනකට ක්රීඩා කිරීමට නියමිතය.
ඒ අනුව ශ්රී ලංකාව අද ප.ව. 12.24ට හොංකොං කණ්ඩායමට එරෙහිවද, ප.ව. 4.04ට ඉන්දියාවට එරෙහිවද ක්රීඩාකිරීමට නියමිතය.
පසුගිය වසරවලදී කණ්ඩායම් 8 බැගින් තරග වැදුණු මෙම තරගාවලිය සඳහා මෙවර පිරිමි සහ කාන්තා අංශ ද්විත්වයෙන්ම කණ්ඩායම් 12 බැගින් එක්කර තිබීම විශේෂත්වයකි.

