විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට යළි සංකේත වැඩවර්ජනයක
24 November 2026
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට යළි සංකේත වැඩවර්ජනයක
24 November 2026
2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (25) දිනයේදී යළි සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
මේ අතර, ගුරු ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක් ද නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.
2027 අයවැය යෝජනාවලින් තමන්ට අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ඊයේ (23) දිනය 'ජාතික විරෝධතා දිනයක්' ලෙස ප්‍රකාශයට පත් කළේය.
එහිදී ඔවුන් අවධාරණය කළේ එළැඹෙන සතියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවයි.
එවන් පසුබිමක, නොවැම්බර් 18 වැනිදා වැඩවර්ජනයක නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් යළිත් හෙට දිනයේදී මෙලෙස සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වෙයි.
2025 අයවැය මගින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් ලබාදී නොමැති බවට ද චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා සඳහන් කළේ තමන් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව, මීට පෙර ලබාගත් නමුත් 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප් හා දීමනා යළි ලබාදෙන ලෙස බවයි.
එමෙන්ම, වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ කිසිදු වෘත්තීය සමිතියකට මෙතෙක් රජය සාකච්ඡාවක් ලබාදී නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


