brand logo
logo
 නේපාලයේ ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් නැහැ - තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

නේපාලයේ ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් නැහැ - තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

11 October 2026


නේපාලයේ ගෝර්කා ප්‍රදේශයේ ඇතිව ඇති ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය සඳහන් කරනුයේ නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බව දැනුම් දී ඇති බව.


අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.


එමෙන්ම, අදාළ ප්‍රදේශ වෙත ගමන් කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම්දීම් තානාපති කාර්යාලය නිකුත් කර ඇති බවද අමාත්‍යාංශය පැවසීය.


නේපාලයෙ ගොර්කා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11) අලුයම යළි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.


එමෙන්ම මහාමාර්ග, නිවාස සහ පාලම් රැසක්ද ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව ඇති බවද නේපාල මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.

 

More News..