Best News Website award
brand logo
logo
මිරිස් කුඩු හා කෑලි මිරිස් 2900ට නගී

මිරිස් කුඩු හා කෑලි මිරිස් 2900ට නගී

20 November 2026 | සාලිය කුමාර ගුණසේකර


වෙළෙඳපොළේ මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝවක මිල රුපියල් 2900කට ආසන්න වී තිබේ.


වෙළෙඳපොළේ වියළි මිරිස් මිල රුපියල් 2380ක් දක්වා ඉහළ යාම මිරිස් කුඩු සහ කෑලි මිරිස්

මිල ගණන් මෙලෙස වැඩිවීමට හේතුවී තිබෙන බව වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.


ආර්ථික මධ්‍යස්ථානවල වියළි මිරිස් කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 1400-1600ත් අතර තොග මිලකටය. මේ අතර පිටකොටුව තොග වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 2000 ඉක්මවා තිබේ.


තවද තෙතමන ප්‍රතිශතය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කොළඹ වරාය පරිශ්‍රයේ වියළි මිරිස් බහලුම් 120ක් පමණ නිදහස් නොකර තිබෙන අතර, ඉන්දියාවද වියළි මිරිස් අපනයනකරුවන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකාවට වියළි මිරිස් අපනයනය නොකරන ලෙසයි.

 

More News..