ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවීමට දින දෙයි
12 October 2026
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවීමට දින දෙයි
12 October 2026
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය මේ මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වන විට ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියා.
තමන්ට නියමවී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වුණි.
ඒ අනුව, එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරිම සඳහා අදාළ පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

