හෙට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්- බලන්න කොළඹ කඳවුරක්
06 September 2025
හෙට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්- බලන්න කොළඹ කඳවුරක්
06 September 2025
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට හෙට(7) පොහෝ දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් සඳු ගමන් කිරීම හේතුවෙන් පැයකුත් විනාඩි 22ක කාලයක් සඳ අඳුරුවීම මෙහිදී සිදුවන්නේය.
මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය හෙට රාත්‍රී 8.58 සිට පසුවදා අලුයම 2.25 දක්වා පවතිනු ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී හෙට රාත්‍රි 7.00 සිට පූර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේකඳවුරක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

