brand logo
logo
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

23 October 2026

පවතින වැසි අධික කාලගුණය හේතුවෙන් නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩය තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම හෙට (24) පස්වරු 4.00 දක්වා බලාත්මක වනු ඇත.


රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල සහ ඌව පරණගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසටය.


කලුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ⁠මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ ⁠යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ, උඩපලාත, කුණ්ඩසාලේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම අදියර යටතේ අනතුරු අඟවා ඇත.


එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ⁠බුලත්කොහුපිටිය, ⁠යටියන්තොට, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ⁠මාවතගම, ඉබ්බාගමුව, රිදීගම සහ ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දෙනු ලබයි.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, ⁠වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර සහ ⁠කොත්මලේ බටහිර න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, ⁠කලවාන, ⁠ඉඹුල්පේ, ⁠නිවිතිගල, ⁠කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක සහ ⁠පැල්මඩුල්ල න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට අනතුරු අඟවා තිබේ.

 

More News..