රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
18 October 2026
රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
18 October 2026
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.
එබැවින් එම මුහුදු ප්රදේශවල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.
අද (18) ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (19) පෙ.ව. 01.00 තෙක් වලංගු වෙයි.

