ගත වූ පැය 24 තුළ අපරික්ෂාකාරීව රිය ධාවනය කළ පුද්ගලයින් 104ක් අත්අඩංගුවට
25 August 2026
ගත වූ පැය 24 තුළ අපරික්ෂාකාරීව රිය ධාවනය කළ පුද්ගලයින් 104ක් අත්අඩංගුවට
25 August 2026
දිවයින පුරා ක්‍රියාත්මක කාර තිබෙන විශේෂ මෙහෙයුම්වලට අදාළ ඊයේ (24) දිනයේ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ අනුව එම මෙහෙයුම්වලට අදාළව ඊයේ (24) දිනයේ පුද්ගලයන් 27,189ක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
එලෙස පරික්ෂා කරන ලද පිරිස අතරින් පුද්ගලයන් 459 දෙනෙක් සැකපිට අතදන්ගුව්ටා ගෙන ඇති අතර ඒ අතරින්, 19 දෙනෙක් අපරාධවලට ඍජුව සම්බන්ධ බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඊයේ දිනයේ දී සිදු කරනු ලැබූ මෙම මෙහෙයුම් මඟින්, බිමත් රියදුරන් 36 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඊට අමතරව ඊයේ (24) දිනයේ දී පොලිසිය විසින් අපරික්ෂාකාරී රිය ධාවනයට අදාළව පුද්ගලයන් 104 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

