brand logo
logo
  කාසියේ වාසිය කොදෙව්වන්ට

කාසියේ වාසිය කොදෙව්වන්ට

25 June 2026


සෝබර්ස්–තිසේරා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා–බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය මේ වනවිට ආරම්භ වී ඇත.


කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබේ.


තරගය ආරම්භ වී සුළු වේලාවක් ගතවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටී.


මෙම තරගයට නවක දග පන්දු යවන ක්‍රීඩක සොනාල් දිනූෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක එක් කර ඇති අතර වේගපන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිතයි.


මෙම කණ්ඩායම් දෙක අතර මෙතෙක් ටෙස්ට් තරග 24ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 11ක් ජයගෙන ඇති අතර කොදෙව් කණ්ඩායම තරග 4ක් ජයගෙන ඇත. තරග 9ක් ජය පරාජයකින් තොරව අවසන් වී තිබේ.


 

More News..